කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ..

September 15, 2017 | 11:50 am    0   221

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ..

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (15) උදෑසන විවෘත කෙරුණු අතර ප්‍රදර්ශනය සැප්තැම්බර් 24දා දක්වා පැවැත්වේ.

සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 19 වැනි වරට පැවැත්වෙන අතර එය වෙළෙඳ කුටි 450කට අධික සංඛ්‍යාවකින් සමන්විතය. ප්‍රදර්ශනයට ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කිහිපයක වෙළෙඳ කුටි 50ක් ද ඇතුලත් වේ.

ප්‍රදර්ශනය පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් ලබාදෙන අතරම මෙවර ප්‍රදර්ශනය තුළ සංස්කෘතික අංග රැසක් ද ඇතුළත් බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති එච්.ඞී. ප්‍රේමසිරි පවසයි.

පොත් ප්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කර ඇති බැවින් පැමිණෙන ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සංවිධායකයින් දැනුම් දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: