කොළඹ තැන තැන කුණු දැම්මොත් වීඩියෝ කර රටටම පෙන්වනවා

June 20, 2017 | 11:37 am    0   104

කොළඹ තැන තැන කුණු දැම්මොත් වීඩියෝ කර රටටම පෙන්වනවා

By Editor

කොළඹ නගරයේ අවිධිමත් ලෙස තැන තැන කැලි කසල බැහැර කරන්නන් වීඩියෝගත කර මාධ්‍ය මගින් ඔවුන්ව රටටම ප්‍රදර්ශනය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා පැවසීය. ඒ ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ කොළඹ නගරයේ තැන් තැන්වල කැළි කසළ එක් රැස්වීමට ජනතාව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි. තවද කොළඹ නගරයේ ඇති මහල් නිවාස සංකීර්ණවල කැලි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: