කොළ පාට කොල්ලෙක් කොළඹ නගරාධිපති කරන්න යයි

October 6, 2016 | 8:39 am    0   1065

කොළ පාට කොල්ලෙක් කොළඹ නගරාධිපති කරන්න යයි

කොළඹ මහ නගර සභාවේ ඊළඟ නගරාධිපති අපේක්‍ෂකත්වය එ.ජා.පෙ. නියෝජනය කරන තරුණ අපේක්‍ෂකයෙකුට ලබාදීමට අගමැතිතුමා තීරණය කරල තියෙනවා. එ.ජා.ප.යේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැනගත්ත විදියට මේ අපේක්‍ෂකත්වය බොහෝ විට නීතීඥ එරන්ද වැළිඅමුණ හරි නිරෝෂන් විජේවර්ධන හරි ලබාදෙන්න නියමිතයි.

නිරෝෂන් විජේවර්ධන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයර්ධනට නෑකම් කියන අතර LItro Gas සමාගමේ සභාපති කර තිබුණා.. ඒ වගේම නීතීඥ එරංග වැලිඅමුණ වර්ථමාන තරුණසේවා සභාවේ සභාපති වන අතර අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට සමීප නෑකමක් තිබෙනවා. මේ දෙදෙනාගේ දේශපාලන පසුබිම ඒ විදියට වෙනකොට අගමැතිතුමාගේ අපේක්‍ෂාව කොළඹට කොහොම හරි තරුණයකු පත්කරන එක.

දෙන්නගෙන් කොයි කෙනා මේ තනතුරට පත් කරනවාදැයි කියල නිළ වශයෙන් කිව්වේ නැති වුණත් වුණත් අනිවාර්්‍යයෙන් මේ දෙදෙනගෙන් එක් කෙනෙක්ට අපේක්‍ෂකත්වය ලැබෙනවා කියලා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වෙනකොටත් කොළඹ නගර සභාවේ මේ තනතුර දරන මොහොමඩ් මුසම්මිල්ට මැලේසියානු තානාපති තනතුරක් ලැබිලා තියන නිසා හිස්වන අපේක්‍ෂකත්වයට තරුණ අපේක්‍ෂකයෙකු යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ.

තනතුර සඳහා තවත් තරුණ අපේක්‍ෂකයන් ගොඩක් දෙනෙක් ඉන්න නිසා මේ දෙන්නට ලොකු තරගයක් තියන බවත් අදාළ ආරංචි මාර්ගයෙන් අපට දැනගන්න ලැබුණා. ඒ වගේම කොළඹ නගරයෙන් පාර්ලිමේන්තුවට ගිය තරුණයන් සමඟ කරට කර ඉන්න තවත් ජනප්‍රිය මන්ත්‍රීවරයෙක් අගමැතිගේ මේ තීරණේ ගැන කණගාටුවෙන් ඉන්නවලු. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු නියෝජිතවරියක් වන රෝසි සේනානායකත් මේ අපේක්‍ෂකත්වයට ඇහැගහහෙනලු ඉන්නේ.

කොහොම වුණත් මේ තීරණය පසුපස තියෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමශීලී දේශපාලන ක්‍රියාවලියේ තවත් එක් උපායක් විතරක් බවටත් තවත් පිරිසක් අනාවැකි පල කරනවා. අගමැතිතුමා උෟව පාර්ලිමේන්තු මැතිවරණයට යොදාගත් ක්‍රමවේදයම කොළඹටත් යොදාගන්න හදනවා කියලයි මේ පිරිස කියන්නේ. විශේෂයෙන් මැතිවරණ ජයගන්න තරුණ ජවය අත්‍යවශ්‍යයි කියන එක අගමැතිතුමා විශ්වාස කරන නිසාම කොළඹට තරුණයෙක් ගේන්න යනවා වෙන්නත් පුළුවන්.

අනිත් පැත්තෙන් කොළඹ නගර සභාවේ පහුගිය ඉතිහාසය දිහා බනකොට එහි අපේක්‍ෂකත්වය වගේම ජයග්‍රහණය හිමිවෙලා තියෙන්නේ මුස්ලීම් අපේක්‍ෂකයෙක්ට. අගමැතිතුමාගේ තීරණේ මොකක් වුණත් තරුණ අපේක්‍ෂකවන්ට ඒ තරම් ලොකු ඉඩකුත් නැති කොළඹ නගර සභාවට මේ පාරවත් තාරුණයෙක් තරග කරනවා නම් ඒක පට්ට වැදගත් කියල ඇපල් අපි හිතනවා.
චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: