කෝලිගේ තෑග්ග අෆ්රිඩි විකුණා ඉන්දියාවම නොසන්සුන්

August 3, 2017 | 4:29 pm    0   771

කෝලිගේ තෑග්ග අෆ්රිඩි විකුණා ඉන්දියාවම නොසන්සුන්

2016 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේ වීරාත් කෝලි විසින් පාකිස්තානයේ සහිඩ් අෆ්රිඩිට තමාගේ නිල ජර්සිය සිය අත්සනද සහිතව තෑග්ගක් වශයෙන් ලබාදී තිබේ.

වසර ගණනාවක් තිස්සේ මෙම රටවල් දෙකේ පවතින විරසකය අමතක කරමින් වීරාත් කෝලි සිදුකල මෙම ක්‍රියාව බොහෝ දෙන අගය කර ඇත.

පසුගිය දිනක සහිඩ් අෆ්රිඩි විසින් මෙම ජර්සිය එංගලන්තයේදී වෙන්දේසි කරලා තියනවා. මෙම ආරන්චියත් සමගම ඉන්දියාවේ මේ පිළිබඳව දැඩි නොසන්සුන්ත්වයක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

යුරෝ 4300 මුදලකට මෙය අලෙවි ඇති බව එම වාර්තා වල සඳහන් වෙනවා.

අෆ්රිඩි මෙය වෙන්දේසි කරලා තියන්නේ නිකන්ම නෙවෙයි.

ඔහුගේ පදනම මගින් පිළිකා රෝගීන් වෙනුවෙන් හදන රෝහල ආධාර ලබාගැනීමේ අරමුණෙන් කියල තමයි අෆ්රිඩි කියල තියන්නේ.

ඒත් ඉන්දියාවේ සමහරු සඳහන් කරන්නේ අෆ්රිඩිගේ තියන පණ්ඩිතකම නිසා මෙවැන්නක් සිදු කරලා ඇති කියලලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: