කෝලි ලෝකයෙන්ම 1 වෙයි

February 11, 2017 | 10:50 am    0   422

කෝලි ලෝකයෙන්ම 1 වෙයි

අඛණ්ඩ ටෙස්ට් තරගාවලි හතරකදී ද්විත්ව ශතක හතරක් වාර්තා කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.

ඒ ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදි ඔහු දිව්ත්ව ශතකයක් වාර්තා කරමිනි.

කෝලි පිළිවෙළින බටහිර ඉන්දිය කොදෙව්, නවසීලන්ත, එංගලන්ත හා බංග්ලාදේශ යන රටවල්වලට එරෙහිව පැවැති ටෙස්ට් තරග හතරේදි මෙම දක්ෂතාව දැක්වා ඇත.

මීට ඉහතදී ඉන්දියාවේ රාහුල් ඩ්‍රාව්ඩ් හා ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඛණ්ඩ ටෙස්ට් තරගාවලි තුනකදි ද්විත්ව ශතක තුනක් රැස්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: