ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් දෙදෙනෙක්ට තරග පවාදීමේ චෝදනා

February 17, 2017 | 9:59 am    0   472

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් දෙදෙනෙක්ට තරග පවාදීමේ චෝදනා

පකිස්‌තාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම්වලට සම්බන්ධ වූ බවට බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේ හෙළි වූ නම් අතර පකිස්‌තානු ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකරු 24 හැවිරිදි සහජිල් ඛාන්ගේ නම ඈදී තිබේ.

සහජිල් ඛාන් පකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 2 කට, එක්‌දින තරග 48 කට සහ විස්‌සයි විස්‌ස තරග 18 කට සහභාගි වී ඇත.

මීට අමතරව කලීඩ් ලතීෆ්ද පකිස්‌තාන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ අතරතුර තරග පාවාදීම්වලට සම්බන්ධව බව කරුණු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් පකිස්‌තාන් ක්‍රිකට්‌ ආයතනය අදාළ තරග පාවාදීමට සම්බන්ධ ක්‍රීඩකයන්ට මේ වන විටත් තරග තහනමක්‌ පනවා ඇති අතර තවදුරටත් පරික්‍ෂණ සිදුවෙමින් පවතින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: