ගනුදෙනුකිරීමේ චාරිත්‍රය ගැන එස්. බී.ට සමෘද්ධි නිලධාරීන්ගෙන් චෝදනා

April 12, 2017 | 1:00 pm    0   144

ගනුදෙනුකිරීමේ චාරිත්‍රය ගැන එස්. බී.ට සමෘද්ධි නිලධාරීන්ගෙන් චෝදනා

අපේ‍්‍රල් 13 වැනිදාට යෙදෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්දට සමගාමීව සිදු කරන ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය තේමා කර ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සෑම ග‍්‍රාම නිලධාරී වසමකමක් වෙත ලබා දෙනු ලැබ ඇති විශාල ඉතුරුම් ඉලක්කය සමෘද්ධිලභීන් දැඩි පීඩාවකට ලක් කර ඇති බව දිවිනැගුම සංවර්දන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සමෘද්ධි අලූත් අවුරුදු ගනුදෙනු හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සාධාරණය ඉටු කිරීමට එස්. බී. දිසානායක අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව එම සංගමය නිවේදනයකින් අවධාරණය කරයි.

අලූත් අවුරුදු ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රයට සමගාමීව අපේ‍්‍රල් 17 දින සිට අපේ‍්‍රල් 25 දින තෙක් විශේෂ ඉතුරුම් සතියක් ප‍්‍රකාශයට පත් කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්නගේ අත්සනින් යුතු 2017.03.20 දිනැති DDD/HO/MF/05/01 යන ‘අපේකම රැකගනිමු – ඉතුරුමට මග කියමු’ යන ලිපිය දිවයිනේ සෑම සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු කළමනාකරුවන් වෙත ලැබී ඇත.

එකී ලිපියට අනුව සෑම ග‍්‍රාම නිලධාරී වසමකම සමෘද්ධි බැංකු සාමාජිකයින්ගෙන් රු.80,000ක් හා එක් සමෘද්ධි ප‍්‍රජා මූල බැංකුවකින් රුපියල් මිලියන 01 ක විශාල ඉතුරුම් ඉලක්කයක් සතිය තුළ ඒකරාශී කර ගත යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටින, සමෘද්ධි බැංකුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරයේ මුදල් ඇතුළු ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභීන් හට සමෘද්ධි බැංකුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරයේ මුදල් රු.2000 සිට රු.3500 දක්වා ඇතැම් නිලධාරීන් බලහත්කාරයෙන් ලබා ගැනීම තුළ සමෘද්ධිලාභීන් දැඩි අසීරුතාවයකට ලක්ව ඇත.

“උත්සව සමයෙහි සිය දරුවන්ට ඇදුමක් මිලදී ගැනීමට හා නිවසට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ අපේක්‍ෂාවෙන් සමෘද්ධී සහනාධාරයේ මුදල් ලබා ලන්නා ජනතාවගෙන් මෙසේ මුදල් ලබා ගැනීමේදී සමෘද්ධිලාභීන් හා නිලධාරීන් අතර ඇති වු ගැටුම්ද පසුගිය දා මාධ්‍ය වාර්ථා කර තිබුනි.

මෙම ඉතුරුම් සතිය තුළ වැඩිම තැන්පතු මුදල් ඒකරාශී කරන සමෘද්ධි කළමනාකරුවන් හා වසමෙහි සේවය කරන සමෘද්ධි නිලධාරීන් ඇගයීමකට ලක් කරන බවටද එහි ලබා දී ඇති උපදෙස් මත නිලධාරීන් අතර තරඟකාරීත්වය මතුව ඇත. මෙම තරඟකාරීත්වය හේතුවෙන් සමෘද්ධි කළමනාකරුවන් විසින් දෙපාර්තමේන්තුවේ උපදෙස් අතික‍්‍රමණය කරමින් එක් වසමකින් රු.80,000 ඉලක්කය වෙනුවට රු.200,000ක අති විශාල ඉලක්කයක් නැවතත් ලබා දීම තුළ සමෘද්ධි සහනාධාර ලබන අඩු ආදායම්ලාභී ජනතාව දැඩි පීඩාවකට පත් කර ඇති බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.

පසුගිය වසරට වඩා මෙම තත්ත්වය වර්ධනය වී ඇති අතර මෙම ගැටලූව පිළිබඳව අප සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ අවධානය යොමු කළද ඒවා ගඟට කපන ඉනි මෙන් නිශ්ප‍්‍රයෝජන වී ඇත. මෙම වැඩසටහනෙහි තේමාව අපේකම රැකගනිමු – ඉතුරුමට මග කියමු වුවත් අපේකම කෙලෙසා ඇති බව අප මෙයින් අවධාරණය කරන්නෙමු. තවද මෙම අසාධාරණයෙන් සමෘද්ධිලාභී ජනතාව මුදවා ගැනීමට විෂය භාර අමාත්‍යවරයා වහා මැදි විය යුතු බවත් තේමාවේ ගුණය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් අප මෙයින් ඉල්ලා සිටින්නෙමු.” යැයිද එම ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: