ගර්භණී මව්වරුන් සහ අසාධ්‍ය රෝගීන් සඳහා ලබාදෙන ඉන්ෆ්ලුවන්සා මැඩලන ඖෂධය රෝහල්වල නෑ…

April 11, 2017 | 3:00 pm    0   138

ගර්භණී මව්වරුන් සහ අසාධ්‍ය රෝගීන් සඳහා ලබාදෙන ඉන්ෆ්ලුවන්සා මැඩලන ඖෂධය රෝහල්වල නෑ…

ඉන්ෆ්ලුවන්සා රෝග කාරක වෛරසය මැඩ පැවැත්වීම සඳහා ලබාදෙන ‘ඇමීෆ්ලූ’ ඖෂධය රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගීහු මහත් අසීරුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඖෂධය පෞද්ගලික අංශයේ පවා නොමැති වීම හේතුවෙන් රෝගීන් මහත් සේ බියට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවැසීය.

මෙම ඖෂධය ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳී රෝහල්ගත කරන ගර්භණී මව්වරුන් සඳහා සහ අසාධ්‍ය රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් වන අතර එය නොමැති වීම ජීවිත අවදානමකට හේතුවක් වන බවද හෙතෙම පෙන්වා දේ.

අප මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ මෙම ඖෂධය සැපයුම් අංශයේ නොමැති බවත් එය ඇනවුම් කිරීමට කටයුතු කර ඇති නමුත් තවමත් ලැබි නොමැති බවය.

  • ශ්‍රියානි විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: