“ගායකයෙක් නොවුණා නම් මම අද පියතුමෙක්” – ජූඩ් රෝගන්ස්

August 24, 2017 | 1:13 pm    0   364

“ගායකයෙක් නොවුණා නම් මම අද පියතුමෙක්” – ජූඩ් රෝගන්ස්

සීදුව සකුරා සංගීත කණ්ඩායම හරහා මුළු ලංකාවම හඳුනාගත්තු ගායකයෙක් තමයි ජුඩ් රෝගන්ස් කියන්නේ. විවිධ තේමාවන් යටතේ ගීත ගයන ජුඩ් මේ දවස්වල තමන්ගේම කියලා Studio එකකුත් හදන්න පටන් අරන්ලු. ඉතින් ඔහු මේ දවස්වල ජීවිතය ගෙවන විදිහ ගැන අපිට කිවේ මෙහෙමයි. 

“සිහි නොවෙයිදෝ” ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මට ඒක ලැබුණේ නිරෝෂන් ඩ්‍රීම්ස් හරහා. ආරාධනා ඒකනායක තමයි ලිව්වේ. තාම Live play කරේ නෑ. මේ දවස්වල Internet, Social media හරහා හොඳට යනවා ඒ සිංදුව.

සංගීත ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කාලයක් වෙනවද?
මම අවුරුදු 17ක් වෙනවා ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා.

ප්‍රසංග වේදිකාවට මුලින්ම සම්බන්ධ වුණේ කොහොමද?
ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන්නෙ මම මුලින්ම Drams වාදන ශිල්පියෙක් විදිහට. Drams play කළේ 1997. සීදුව සකුරා බෑන්ඩ් එකට කලින් තව Band දෙකක වැඩ කරල තියෙනවා. ඒත් සීදුව සකුරා Band එක තමයි මගෙ අවසාන Band එක.

සීදුව සකුරා Band එකේ නිත්‍ය නියාමන ගායන ශිල්පීයා විදිහට කොතරම් කාලයක් ඉඳලා තියෙනවාද?
දැනට අවුරුදු 12ක කාලයක් මම සීදුව සකුරා BAnd එකේ නිත්‍ය නියාමන ගායන ශිල්පියා විදිහට වැඩ කරනවා.

ඔබට තනිව ගීත ගයන්න ප්‍රසංග වේදිකාවට ආරධනා ලැබෙනවනේ. එනකොට ඕචදඤ එකේ නායකත්වයෙන් බලපෑමක් නැද්ද ඒවට යන එකට විරුද්ධව?
කවදාවත් එහෙම යනවට බලපෑම් කරලවත්, එහෙම කියලාවත් නෑ. මට මගේ Band එකේ ගීත කියලා ඉවර වෙලා මම බාරගත්තු ප්‍රසංගවලට යන්න නිදහස දීල තියෙනවා.

තනි පුද්ගල්යෙක් විදිහට ප්‍රසංග බාරගන්න එකටද කැමති නැත්නම් ඕචදඤ එකත් එක්ක යන්නද?
නෑ. Band එකත් එක්ක ඉන්න විදිහට තමයි කැමති. මම මුදල ගැන හිතන්නෙ නෑ. සිදුව සකුර මම ආපු තැතනේ. ආපු තැන හින්දා තමයි එළියෙන් මට ප්‍රසංග වේදිකාවක් හැදුණේ. ඒ නිසා Band එකත් එක්ක ප්‍රසංගවලට යන එකට තමයි මුල් තැන දෙන්නේ.

ජනප්‍රිය පුද්ගලයෙක් විදිහට මගතොටේදි ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම හොඳයි. මොන සිංදුව ආවත්, මොන සිංදුව ගායනා කළත් අදටත් මම හිතනව හෙටටත් මේ ගීතවලට තියෙන ජනප්‍රියත්වය තියෙයි කියලා. ‘හිමාලෙට වඩා උසයි’ සිංදුවයි, ‘අම්මා කියලා බහ තෝරනා’ සිංදුවයි දෙකට තරම් ප්‍රතිචාර තාමත් මගේ වෙන ගීතවලට ලැබිලා නෑ. 2016, 2017 වර්ෂවල ‘හිමාලෙට වඩා උසයි’ ගීතයට සම්මාන පවා හම්බුණා පිට පිට. ඉතින් මං හිතනවා ඒ ගීත දෙක ගැන සමාජයේ අර්ථවත් කතා බහක් තියෙනවා.

ඔබ ගායන ශිල්පියෙක් නොවුණා නම් මොන වගේ වෘත්තියක් තෝරා ගනීද?
ඇත්තටම මම ගායකයෙක් නොවුණා නම් මම මීසමක් භාර පියතුමෙක්.

ඔබ විවාහකද?
ඔව්. විවාහකයි.

ප්‍රසංග වේදිකාවේ ඔබ නියෝජනය කරන සීදුව සකුරා හැර ඔබ වැඩ කරන්න කැමති වැඩ කරන්න පහසු Band එක මොකක්ද?
මෙහෙමයි. එකක් කියල කියන්න බෑ. නිතර දෙවේලේ හම්බෙන Band විදිහට Flashblack, Sunflour, සනිධප වගේ BAnd තව All Right, සහරා Flash වගේ ගොඩක් Band තමයි. එකක් කියලා කියන්න අමාරුයි.

මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල අලුතෙන් ගීත දෙකක් කරනවා. එකක් තමයි ඩිලාන් ගමගේ සහ අශාන් ප්‍රනාන්දුගේ “අම්මේ හඬන්නෙපා” කියන ගීතය. ඒකෙ වැඩ ගොඩක් දුරට ඉවරයි. තව ඇස් නොපෙනෙන චරිතයකගේ විස්තර අරගෙන ගීතයක් කරනව මමයි, ගිහාන් නිශානුයි. ඒකේ Audio එකයි Video එකයි දෙකම එකපාර Release කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ආපු ගමන් මගේ ඉටු කරගන්න ආස, තාමත් ඉටු කරගන්න බැරිවුණු බලාපොරොත්තුවක් තියෙයිද?
මම මගේ Studio එක හදාගෙන යනවා. ඒක මගේ පොඩි හීනයක්. ඒක ඉක්මනින් Open කරගන්න එක තමයි බලාපොරොත්තුව.

හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: