ගාල්ලට, නුවරඑලියට නායයෑමේ අවදානමක්- අධික වැසි සමඟ තද සුළං

September 5, 2017 | 1:31 pm    0   431

ගාල්ලට, නුවරඑලියට නායයෑමේ අවදානමක්- අධික වැසි සමඟ තද සුළං

ගාල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලට නාය යෑමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

නිරිත දිග මෝසම සක්‍රියවිම නිසා ගාල්ල, නුවරඑලිය, සබරගමුව, ඌව සහ මාතර යන දිස්ත්‍රික්ක වලට මේ වනවිට අධික වැසි ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගාල්ල නගරයේ පහත බිම් රැසක් ද මේ වනවිට ජලයෙන් යටවී ඇත.

මේ වනවිට අලුත්ගම කන්දේ විහාරයට පිවිසෙන මාර්ග දෙකක් මේ වනවිට සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ අද (05) සහ (06) දෙදින තුල මෙම ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙනු ඇති බවයි. තවද වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: