ගැබිණි මව්වරුන්, කුඩා දරුවන්, මහලු අය පරිස්සම් වෙන්න වෙයි

January 11, 2017 | 11:27 am    0   723

ගැබිණි මව්වරුන්, කුඩා දරුවන්, මහලු අය පරිස්සම් වෙන්න වෙයි

මේ දින වල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට රාත්‍රියේ සහ උදෑසන ඇතිවන අධික සීතල කාලගුණික තත්වය නිසා ගැබිණි මව් වරුන්ට, අලුත උපන් දරුවන්ට සහ මහලු උදවියට අහිතකර තත්වයන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කර සිටිනවා.

එවැනි පිරිස් වෙත විශේෂිත අවධානයක් යොමු කරන ලෙසත්, ශරීර උෂ්ණත්වය නියමිත තත්වයේ පවත්වාගැනීම සඳහා අවශ්‍ය ඇඳුම් සහ හිස් ආවරණ භාවිතා කිරීමට යොමු වන්නැයිද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන්නේ නම් එවැනි අවස්තාවලදී වහාම වෛද්‍යවරයෙකු හමුවී හෝ රෝහල්ගතවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත් ඇදුම හා ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන්ට ගොදුරුවීමේ අවදානමක් ඇති ගැබිණි මව්වරුන්ද තම සෞක්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: