ගැස්ට්‍රයිටීස් නැති කරන බෙලි

April 18, 2017 | 2:00 pm    0   387

ගැස්ට්‍රයිටීස් නැති කරන බෙලි

Sunday Apple එක්ක අපේ දේශීය පලතුරු ගැන දැනගන්න කැමති අපේ කොල්ලෝ කෙල්ලන්ට අදත් කියන්න යන්නේ අපේ පලතුරක් ගැන. සෞභාග්‍යයේ සංකේතය ලෙස හඳුන්වන ලක්ෂ්මී දෙවඟන වාසය කරන ස්ථාන අතර පළමු තැන හිමිවන්නේ බෙලි ගසට. අපේ ආතලා කියන ප්‍රස්ථා පිරුළක් තියෙනවා කෑවොත් පලතුරක් කැපුවොත් මරණයක් කියලා. ඒ කියන්නේ බෙලිවලට. ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාරය වගේ රටවලත් බෙලි ඉතාම ජනප්‍රිය පලතුරක්.

පෝෂණයෙන් පිරි බෙලි
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බෙලිවලට ඉතා ඉහළ අගයක් තියෙනවලු. සෙම් සහ වාත රෝගවලට කියාපු ඔසුවක් විදියට තමයි මේ පලතුර හඳුන්වන්නේ. අපේ ශරීරයේ නිතර ඇතිවන හන්දිරුදාවටත් ඉදිමුම්වලටත් මේ පලතුරෙන් ලැබෙන්නේ හිතාගන්න බැරි ගුණයක්. අර්ශස් රෝගය වැළඳීමට ඇති ඉඩ බෙලිවලින් නැති කරන්න පුළුවන්. ආයුර්වේදයේ නම් කියන්නේ හදවතට සුබ දෙන පලතුරක් කියලා. තුවාල සුව කරන්න වගේම පාචනය වගේ රෝගවලට මේ පලතුර කියාපු ඖෂධයක්. කනෙහි ඇතිවන විවිධ රෝගාබාධයන්ට වගේම කන් ඇසීමේ දුර්වලතාවන්ගෙන් පෙළෙන උදවියට බෙලි ආහාරයට ගැනීම වැදගත්. ඇදුම, පීනස් රෝගයට වගේම මළබද්ධය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසයි හඳුන්වන්නේ. ඒ විතරක් නෙවෙයි දියවැඩියාවට, කොලෙස්ටරෝල්වලට බෙහෙත් බිබී ඉන්නවා නම් බෙලි පලතුර ඔබේ ගැටළුවලට නිට්ටාවටම සුවයක් වේවි. ශරීරයේ ශක්තිය වඩන පලතුරක් ලෙස බෙලි හරිම ජනප්‍රියයි. අපේ ශරීරයේ සීනි ප්‍රමාණය 54%කින් පාලනය කිරීමේ හැකියාව බෙලි පලතුර සතුයි. අපේ busy life එකේ උදේට කෑම කන්න අපිට අමතක වෙන එක අහන්නත් දෙයක්ද? ඒ වුණාට අපේ ශරීරයට පෝෂණය උදෑසනින්ම ලබාගැනීම අතිශයින් වැදගත් වෙනවා. එහෙම බැරි වුණොත් තමයි ගැස්ට්‍රයිටීස් හැදෙන එක වළක්වන්න බැරි. හැබැයි ඔයාට ගැස්ට්‍රයිටීස් තියෙනව නම් බෙලි පලතුරට පුළුවන් නැති කරන්න. බෙලිවල තියෙන ඇලෙනසුළු ගතියෙන් තමයි බඩේ පිපුම නැති කරන්න පුළුවන්. බෙලි කියන්නේ සීතල සහිත පානයක්. ඒ නිසා උෂ්ණ අධික දිනවලදී පානය කිරීමෙන් ශරීරය සිසිල් කරගන්න පුළුවන්. මානසික ආතතිය ඇති අයට බෙහෙවින් ගුණදායක පානයක් ලෙස තමයි මේ බෙලි පානය හඳුන්වන්නේ. ආයුර්වේදයේ කියන්නේ බෙලි පලතුරෙන් තුන්‍ෙදාස් නසනවා කියලා. වමනය යන අවස්ථාවක බෙලි යුෂ පානය කිරීම ගුණදායකයි. අතුල් පතුල් රිදෙන අවස්ථාවලදී බෙලි පලතුර ආහාරයට ගැනීමෙන් අපූරු ගුණයක් ලබාගන්න පුළුවන්.

රුව වඩන බෙලි
රූපය ගැන හිතන අපේ යුවතියන්ට තමන්ගේ සම පැහැපත් කරගැනීම සඳහා බෙලිවලින් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. අපේ කොල්ලෝ කෙල්ලෝ හරි කැමතියිනේ සම ලස්සනට තියාගන්න. ඒ නිසා විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග නිතර ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා සමට නොයෙක් ආකාරයේ දිලිර වර්ග ඇතුළු වීමට ඇති අවස්ථාව වැඩියි. මේ තත්ත්වයන්ට කදිම විසඳුමක් ලෙස තමයි බෙලි පලතුර හඳුන්වන්නේ. සමේ ඇතිවන අලුහම් වැනි තත්ත්වයන්ට මේ පලතුර කදිම වටිනා ඔසුවක්.
සුලක්ෂි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: