ගිනිගන්න ගැලැක්සිය

October 12, 2016 | 1:11 am    0   887

ගිනිගන්න ගැලැක්සිය

එෆ්.ෂර්මිලා

වෙළඳපොලට අලුතෙන් හඳුන්වා දී තිබෙන Samsung Galaxy Note 7 ජංගම දුරකථනය පිළිබඳව මේ වනවිට විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. නවතම තොරතුරුවලට අනුව සිංගප්පූරුවේ රසායනාගාරයක් ඇතුලත සිදුකරන ලද පරීක්‍ෂණයක් අතරතුරදී අනපේක්‍ෂිත ලෙස මෙම Samsung Galaxy Note 7 දුරකථන ගිනි ගැනීමකට ලක්වෙලා තිබෙනවා.

මෙම දුරකථනයේ නිෂ්පාදකයින් සහ අළෙවිකරුවන් මේ වන විට සියලුම අළෙවි කටයුතු තාවකාලිකව නවතා තිබෙන බවට ආරංචි වෙනවා.

මීට කලින් වාර්ථා වුණු ආකාරයට මෙම Samsung Galaxy Note 7 නවතම දුරකථනයේ බැටරිය පිපිරීමකට ලක්ව තිබුණත් දැන් දුරකථනය පවා ගිනි ගන්නා තත්ත්යකට පත්ව තිබීම ඉතාමත් අනතුරුදායක බවට පර්යේෂකයන් විසින් වැඩිදුරටත් අවධාරණය කරනවා.

තාක්‍ෂණයත් සමඟ කාර්යබහුල මිනිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ වනවිට වෙළඳපොල තුළ අළෙවි වන දුරකථනය අලෙවිය තාවකාලික අත්හිටුවීම කාලෝචිත තීරණයක් බවයි Samsung ආයතන ප්‍රධානීන්ගේ අදහස වන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් Samsun ආයතනයේ වෙළඳපොල කොටස් මේ වනවිට 7.5% කින් සීඝ්‍ර ලෙස පහත වැටීමකට ලක්වෙමින් තිබෙනවා. Samsung ආයතනයට 2008 වසරෙන් පසුව සිදු වූ විශාල කඩා වැටීම මෙය බවයි වාර්ථා වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: