ගෙවෙන හැම තත්ත්පරයක්ම මම ඉන්නේ සංගීතයත් එක්ක – සූර්යා දයාරුවන්

August 4, 2017 | 10:00 am    0   162

ගෙවෙන හැම තත්ත්පරයක්ම මම ඉන්නේ සංගීතයත් එක්ක – සූර්යා දයාරුවන්

“සමනල සංධ්වනිය” හරහා ඉතාමත් සංවේදී චරිතයක් තුළින් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරමින් කලා ලෝකයට පිවිසි රංගන ශිල්පියෙක් විදිහට සූර්යා දයාරුවන් හැඳින්විය හැකිය. ඉතාමත් කෙටි කාලයක් තුළ රසික ජනාදරයට පත් වූ මේ අපූරු සංගීත ශිල්පියා හා රංගන ශිල්පියා සමඟ මෙසේ සල්ලාපයක යෙදුණෙමු.

ඉතින් සූර්යා, මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරන “පිණිදිය වැස්ස” ටෙලිනාට්‍යයේ සහ ශර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කරන “හිතුවක්කාරයා” ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කටයුතු කෙරෙමින් පවතිනවා. ඊට අමතරව “මගේනේ” මගේ අලුත්ම ගීතයේ ප්‍රචාරක කටයුතු සඳහා කාලය වැය කරනවා.

“මගේනේ” ගීතයත් එක්ක සූර්යා දැන් Hit එකක් වෙලා නේද?
“මගේනේ” ගීතය ඇත්තටම හිතුවාටත් වඩා ලොකු Hit එකක් වෙලා දැන් ලක්ෂ 10ක් Views පැනලා. ආදරය ගැන අලුත් විදිහේ Concept එකක් නිසා ගොඩක් අය “මගේනේ” ගීතය ආදරයෙන් වැළඳගත්තා.

කොහොමද “මගේනේ” ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය පුදුම වෙනවා. ගීතය,Video එක, Voice එක, කිසිම සංස්කෘතියකට හානියක් වෙන දෙයක්වත් නොකර, පටු පරමාර්ථ නැතුව බොහොම අහිංසක විදිහට කරපු ඒ ගීතයට ගොඩක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

සූර්යා කියන්නේ කොයි වගේ චරිතයක්ද?
සූර්යා කියනනේ හරි අහිංසක චරිතයක්.

Music එක්ක ගනුදෙනුව පටන් ගත්තේ කොයි කාලේ ඉඳන් ද?
මම පුංචි කාලේ ඉඳන්ම Music එක්ක හිටියේ. A/L වලින් පස්සේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මගේ උපාධිය හැදෑරුවෙත් සංගීතය පදනම් කරගෙන මම ගෙවන හැම තත්ත්පරයකම සංගීතයක් එක්ක තමයි ඉන්නේ.

ඒ වුණාට සූර්යාව හැමෝම දැනගන්නේ සමනල සංධ්වනියෙන් නේද?
ඔව්. ඒක මට ලොකු පිටුවහලක් වුණා මගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයාට පෙන්වන්න කරන්න. එතනින් කලාවට ආවාට පස්සේ තමයි හැමෝම මගේ ගායන හැකියාව ගැන දැනගත්තේ.

පොඩි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
ඒ කාලේ හීන දැක්කේ සංගීතඥයෙක් වෙන්න. ඒ හීනෙට දැන් ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා. රංගනයෙන් ඉදිරියට යන එකත් දැන් මගේ හීනයක්.

කවුද සූර්යාගේ පූර්වාදර්ශය?
මගේ පරමාදර්ශ ගොඩක් තියෙනවා. ජාත්‍යන්තර ප්‍රතිරූපත් ඒ අතර වෙනවා. ලංකාවෙන් මගේ පරමාදර්ශය අමරදේව මාස්ටර් තමයි.

යුග ගීයකට සූර්යාට ගැළපෙන කාන්තා හඬ පෞරුෂය මොකක්ද?
ඒක තීරණය වෙන්නේ ඒ ගීතය නිර්මාණය වෙන ආකාරය හා අදහස එක්ක. ඒක බටහිර ආරක් ද, චිත්‍රපට ගීයක් ද, ශාස්ත්‍රීය ගීයක් ද ඒ අනුව තමයි ජ්ඥථචතඥ ඍධඪජඥ එක තීරණය වෙන්නේ.

දැන් Field එකට ඇවිල්ල කොච්චර කල්ද?
Field එකට ඇවිත් දැන් අවුරුදු 5ක් වෙනවා.

ඒ අවුරුදු 5 දිහා ආපහසු හැරිලා බලද්දි දැන් තෘප්තිමත් ද?
ඇත්තටම තෘප්තිමත්. ඒ අවුරුදු 5 ඇතුළත මමවත් නොදන්නා මගේ දක්ෂතා එළියට ආවා. මිනිස්සු මාව දැනගත්තා. මට ආදරය කරන්න පටන් ගත්තා. මේ අවුරුදු 5 ගැන මම ඇත්තටම සතුටුයි.

කලාකරුවන්ට fashion, style අත්‍යවශ්‍ය ද?
ඔව් අත්‍යවශ්‍යයයි. fashion කාලෙත් කාලෙට වෙනස් වෙනවා. ඒ fashion එක්ක අපිත් කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේ.

මේ දවස්වල සූර්යාගේ fashion එක මොකක්ද?
මේ දවස්වල විශේෂ fashion කරගන්න අමාරුයි ටෙලිනාට්‍ය දෙකක වැඩකටයුතු කරන නිසා. ඒ වුණාට මම හරි ආසයි smart casual අඳින්න.

රසිකාවියන්ගෙන්, ප්‍රේක්ෂිකාවන්ගෙන් ආදරයට ඇරයුම් ලැබිලා තියෙනවා ද?
ඔව් ලැබිලා තියෙනවා. කලාකරුවන්ට මිනිස්සු කොහොමත් කැමතියි. මට ආදර ආරාධනා ලැබුණට හරියන කෙනෙක් තාම ලැබිලා නැහැ.

ගෙදරින් සූර්යාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය මතක් කළොත්?
ගෙදරින් උපරිම සහයෝගය මට ලැබෙනවා. අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ හැමදෙනාම හැම වෙලේම මගේ පිටිපස්සන් ඉන්නවා.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු නේද?
මගේ ඔපෙරා දෙකක් නිර්මාණය වුණා “වසන්ත නිද්‍රාව” සහ “කඩවර යාගය” කියලා. ඒක ජනවාරි මාසයේ නෙළුම් පොකුණ රඟහලේ පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දර්ශන රුවන් දිසානායක තමයි ඒකේ Music කළේ. ඒ වගේම මගේ ටෙලිනාට්‍ය 8ක් විකාශය වීමට නියමිතයි. චිත්‍රපටි 3ක වැඩකටයුතු මේ වන විට ඉවරයි. ඒත් සමඟම මගේ ඊළඟ ගීතය නිර්මාණය කරමින් පවතිනවා. තව මාස එක හමාරකින් ඒක රසවිඳින්න පුළුවන්.

සූර්යාගේ ප්‍රේක්ෂකයන්ට, රසිකයන්ට මොනාද කියන්න තියෙන්නේ?
හැමදාමත් මම මගේ ප්‍රේක්ෂකයින්ට රසිකයන්ට හරිම ආදරෙයි. හැමදාම මට එයාලාගේ ආශිර්වාදය ලැබෙනවා. විවිධ චරිත හරහා, විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින්ගේ හදවතේ නැඹුරුම තැන ස්පර්ශ කරන්න ඔවුන්ගේ හදවතේ ගැඹුරුම තැන ඉන්න කලාකරුවෙක් වෙන්නයි මට ඕනේ.

නිර්මාණි බණ්ඩාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: