චන්දිට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි ? නායකත්වය රංගනට

July 21, 2017 | 6:30 pm    0   295

චන්දිට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි ? නායකත්වය රංගනට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම අවිනිශ්චිත බව වාර්තා වේ.

ඒ ඔහුට නියුමෝනියාව වැළඳී ඇති බැවිණි. චන්දිමාල් මේ වනවිට එම රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගතකර ඇත.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී අද (21) ආරම්භ විය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායක ලහිරු තිරිමාන්නය.

යම් හෙයකින් ජුලි 26 වැනි දින ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට නායක දිනේෂ් චන්දිමාල්ට සහභාගීවීමට නොහැකි වුවහොත් එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රංගන හේරත්ට පැවරෙනු ඇති බව වාර්තා වේ.

රංගන හේරත් මිට පෙරද ඇන්ජලෝ මැතිව්ස් නොමැති අවස්ථා වලදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සාර්ථකව මෙහෙයවා අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: