චමරි අතපත්තුගෙන් නොදැවී 178 ක්

June 29, 2017 | 10:22 pm    0   182

චමරි අතපත්තුගෙන් නොදැවී 178 ක්

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (29) බ්‍රිස්බන්හිදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු පන්දු නොදැවී 143 කින් ලකුණු 178 ක් රැස්කිරීමට සමත්විය. ඒ 6 පහර 6ක් සහ 4 පහර 22ක් සමගිනි.

චමරිගේ මෙම ලකුණු ප්‍රමාණය කාන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතු විය.  ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙය වන අතර මෙය ඇයගේ තෙවන ශතකයයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේදී කදුළු 9 කට ලකුණු 257 රැස්කරන ලදී. මේ වනවිට ඔස්ට්‍රේලියාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: