චාමර කපුගෙදර එක්දින නායකත්වයට

August 25, 2017 | 3:21 pm    0   521

චාමර කපුගෙදර එක්දින නායකත්වයට

 

ශ්‍රී  ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත්කර ඇත. ඒ නිත්‍ය නායක උපුල් තරංගට ඊළඟ තරග දෙක වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් ලබාදීම හේතුවෙනි.

ශ්‍රී  ලංකා කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා කණ්ඩායම් නායක උපුල් තරංගට මෙම දඬුවම හිමිවිය. ඔහු විසින් මෙම වසරේදීම තරග දෙකක දී මීට පෙර මෙම වරදම සිදුකොට තිබුණි.

‍ෙදැවනි තරගයේදී අබාධයට ලක්වූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට ලහිරු තිරිමාන්නද, උපුල් තරංග වෙනුවට දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායමට කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: