චීනය නිසා වෘත්තීය සමිති මරා ගනී

March 8, 2017 | 10:00 am    0   352

චීනය නිසා වෘත්තීය සමිති මරා ගනී

චීන සංචාරයක් සදහා වෘත්තිය සමිති නියෝජනය කරමින් නියෝජිතයන් තේරීම ගැටුමක් දක්වා දුර දිග යමින් පවතින බව වාර්තාවේ. ජාතික වෘත්තිය සමිති සන්ධානයේ අභ්‍යන්තරයේ දරුණු ගැටුම්කාරී තත්වයක් මේ වන විට ඇතිව තිබෙන අතර වෘත්තිය සමිති කිහිපයක නායකයින් මෙම චීන සංචාරය සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ පිළිවෙත දැඩි ලෙස විවේචනය කර ඇති බවද වාර්තාවේ.

දුම්රිය, තැපැල් හා හෙද සේවාවන් නියෝජනය කරන නියෝජිතයින්  පමණක් මේ සංචාරය සදහා තෝරා  ගැනීමට තවත් වෘත්තීය සමිති කිහිපයක දැඩි විරෝධය එල්ල වී  තිබේ. තවද එම තෝරාගත් නියෝජිතයින් අතර විශ‍්‍රාමිකයින්ද සිටින බවට ඔවුන් චෝදනා කර සිටී. මෙම විරෝධතාවයේ ඉදිරියෙන්ම සිටින්නේ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: