චීන ආයෝජකයන්ට ලංකාවෙන් කර්මාන්ත කලාපයක් දෙන්න රිශාඩ් බදියුදීන් සූදානම්

May 25, 2017 | 1:00 pm    0   280

චීන ආයෝජකයන්ට ලංකාවෙන් කර්මාන්ත කලාපයක් දෙන්න රිශාඩ් බදියුදීන් සූදානම්

චීන ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට පියවර ගන්නා බව ඇමති රිශාඩ් බදියුදීන් පවසයි.

චීන ආයෝජකයින් වෙනුවෙන් විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස චීනයේ ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තයේ ආයෝජකයින් රැසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් ඉල්ලා සිටීමත් සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව ඉල්ලා ඇති අතර ඒ අනුව ඇමතිවරයා මේ බව පැවසීය.

චීනයේ ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පෙන්ග් කිංග්වා මෙහිදී පවසා ඇත්තේ

“අප ප්‍රාන්තයේ බෙයිබු අන්තර්ජාතික නැව්තොට, ශ්‍රී ලංකාවට ළඟම වරායයි. බෙයිබු වරායේ නාවික ප්‍රවර්ධන වෙළෙඳ සමාගම් 70කට අධික ප්‍රමාණයක  නියෝජිතයින් පිරිසක් ලංකාවේ පැවැත්වෙන ග්වංසි ස්වෑන්ග් ආයෝජන සංසදයට සහභාගි වීමට කොළඹට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ග්වංසි ප්‍රාන්තයේ සම්බන්දතාවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. එය අවුරුදු 2000කට වඩා පැරණියි.  මුහුදුබඩ සේද මාර්ගය මීට හොඳම සාක්ෂියක්” යන්න ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: