චීන ආරක්ෂක අැමති අද මෙරට ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

March 20, 2017 | 9:49 am    0   253

චීන ආරක්ෂක අැමති අද මෙරට ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

චීන ආරක්ෂක ඇමති චෑං වැන් කුවෑං ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී 9.20 ට පමණ මෙරටට පැමිණියේය. චීන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ නියෝජිතයින් 21 දෙනෙකු පැමිණි අතර ඔහු අද පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතචීන ආරක්ෂක අමාත්‍යවරයා චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැගී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරය අවස්ථාවක් කරගනු ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: