ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ කොල්ලාට ජනපති විශේෂ තිළිණයක්

November 20, 2016 | 12:46 pm    0   728

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ කොල්ලාට ජනපති විශේෂ තිළිණයක්

පසුගිය දවස්වල කඩුගන්නාව පැත්තේ පාසල් සිසුවෙක් ජනපති නිල වෙබ් අඩවියට ඇතුළු වෙලා කරපු වැඩෙන් ජනපතිතුමා විතරක් නෙමෙයි මුළු රටම හොල්මන් වෙලා හියියා. කොහොම හරි ඉතින් පසුගිය දවසක ජනපතිතුමා මේ සිසුවාව පවුලේ අය එක්කම ජනාධිපති මන්දිරයට කැඳවලා සතුටු සාමිච්චියක යෙදිලා තියෙනවා. මේ සිසුවා ජනාධිපති නිල වෙබ් අඩවියට අතුළු වෙලා කරපු වැඩෙත් එක්ක හොල්මන් වෙලා ගියපු ජනාධිපති ආරක්ෂක අංශය කළේ ඔහුව හිරේ දාපු එක. ඒත් මෙරට සමාජ මාධ්‍ය ජාල ඇතුළේ පෙරලි කරපු තරුණ පිරිස් මේ තරුණයා කරපු වැඩේ අගය කරලා විවිධ post share කරලා තිබුණා. කොහොම හරි අදාළ තරුණයා පසුව අවවාද සහිතව නිදහස් කළා. එතන දී ජනාධිපතිතුමා ඔහුට සමාව දෙන බවට ප්‍රකාශයකුත් කරලා තිබුණා. මේකත් බල බල හිටපු Fb එකේ උදවිය නම් ඒ දවස්වල කිව්වේ මේ කරුණයාව හිරේ නො දා ජනපති වෙබ් අඩවිය භාර දුන්න නම් හරි කියලා. කොහොම හරි ඉතින් ජනාධිපතිතුමා පසුගිය දවසක මේ සිසුවාව පවුලේ අය එක්කම ජනාධිපති මන්දිරයට කැඳවලා සතුටු සාමිච්චියක යෙදිලා. සතුටු සාමිච්චිය අවසන් වුණාට පස්සේ මේ සිසුවාට ජනාධිපතිතුමා නිකන්ම ගෙදර ඇරියේ නෑ සිහිවටනෙකුත් දීලයි ඇරලා තියෙන්නේ. කොහොම හරි ඇපල් අපිට කියන්න තියෙන්නේ මේ වගේ තවත් දක්ෂතා තියන අය අපේ රටේ ඉන්න පුළුවන් එවැනි තරුණ පිරිස් මෙවැනි දේවල් ඉදිරියටත් කරන්න පුළුවන්. එහෙම පියවර මේ වගේ වැඩක් කරලා අහුවුණාම පොලිසියට දන්වනවා වෙනුවට ඉදිරියට එන්න මාර්ගයකුත් හදලා දෙන එක ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙනවා නම් තවත් හොඳයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: