ජනපති අද වෙනස්ම විදියකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා

September 20, 2017 | 6:56 am    0   384

ජනපති අද වෙනස්ම විදියකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලැබිය.

එහිදී ජනාධිපතිවරයා  පවසනු ලැබුවේ මෙරට මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවය. ඒ නිසාම ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන්කළේය. මෙහි විසේෂත්වය වනුයේ ජනාධිපතිවරයා එම සමුළුව අමතනු ලැබුවේ සිංහල භාෂාවෙන් වීමය.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

තවද ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: