ජනපති එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අද අමතයි

September 19, 2017 | 8:17 am    0   158

ජනපති එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අද අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) එක්සත් ජාතීනගේ 72වන මහා මණ්ඩල සැසි වාරය ඇමතීමට නියමිතය. ඒ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදීය.

මෙවර එහි තේමාව වන්නේ ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම’’යන්නය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙවර එම සැසිය අමතනු ලබන්නේ තෙවැනි වරටය. ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: