ජනපති මෛත්‍රී ගැන නොදන්නා හැමදේම දියණිය චතුරිකා පොතකින් කියයි

September 13, 2017 | 2:22 pm    0   260

ජනපති මෛත්‍රී ගැන නොදන්නා හැමදේම දියණිය චතුරිකා පොතකින් කියයි

ජනපති දියණිය චතුරිකා සිරිසේන විසින් රචිත “ජනපති තාත්තා” කෘතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සැප්තැම්බර් 15 වැනිදා පෙරවරු 7.30 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ Banquet hall හිදී සිදුකෙරේ. 

ජනාධිපති ධුරය දරන තම පියා පිළිබඳව, දියණියක විසින් රචිත එකම චරිතාපදානය ලෙසින් මෙම ග්‍රන්ථය ඉතිහාසයට එක්වනු ඇත.

ඇය මෙම ආත්ම කථනය ඔස්සේ ගෙනහැරපෑමට උත්සහකොට ඇත්තේ සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලකයෙකු ලෙස කෙමෙන් කෙමෙන් ජනාධිපති ධුරය දක්වා පැමිණි ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් ලබාගත් අත්දැකීම් සම්භාරයයි.

ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයේදී ආරම්භයේදී සිටම නොසිතු විරු අභියෝගයන්ට මුහුණදුන් ආකාරයත්, ඒවා වින්ද දර ගත ආකාරයත් පිළිබඳව ලෝකය නොදත් තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.

සිරිසේන මහතා වෙත එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබඳවත්, 2015 ජනාධිපතිවරණය තෙක් මෙතෙක් හෙළි නොකළ සත්‍ය කතා රැසක් සහිත මෙම ග්‍රන්ථය ඉතා රසවත්ව නවකතාවක් ආකාරයට රචනා කර ඇත.

මෙම ග්‍රන්ථය රචනා කල චතුරිකා සිරිසේන මහත්මිය තොරතුරු තාක්ෂන් උපාධිධාරිනියක් වන අතර, සමාජ ක්‍රියාකාරිනියක වශයෙන්ද කටයුතු කරන්නියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: