ජනාධිපතිගේ වැටුපෙන් 90% ක් දුප්පතුන්ට දෙයි..

May 14, 2017 | 1:00 pm    0   202

ජනාධිපතිගේ වැටුපෙන් 90% ක් දුප්පතුන්ට දෙයි..

ජනාධිපතිගේ නිවසක් කිවුවම අපිට මතක්වෙන්නේ අතට පයට සේවකයෝ,යාන වාහන ,සැප සම්පත් පිරුනු කාමර වගේ දේවල්නෙ.ඒත් මේ කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්.අපි ගොඩක් දෙනෙක් දන්න ලෝකයේ දුප්පත්ම ජනාධිපති ගැන තවත් පුවතක් තමයි මේ.මේ උරුගුවේ ජනාධිපති හොසේ ගෙ කතාවයි. හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.හොසේගෙ තරුණ කාලයනම් ඒ තරම් සුන්දර නැහැ. මොකද ඔහු ගරිල්ලා සංවිධානයකට ඇතුල් වෙලා, ඔහුව අත් අඩංගුවට ගන්න ආපු පොලිස් නිළධාරීන් එක්ක දැඩි සටනක නිරත වෙද්දි වෙඩි උණ්ඩ හයක්ම හොසේගෙ ඇඟට ඇතුල් වෙලා තියෙනවා. හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා.

දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. බොහොම නිදහසේ ජනතාවත් එක්කම කාලය ගත කරන්න කැමති හොසේ ජනතාවගේ ආදරය දිනා ගන්න ගොඩක් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි හොසේ තමන්ගෙ මාසික වැටුපෙන් 90% ක්ම වෙන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රයෝජනයට තියෙන්නෙ 10% ක් විතරයි. ඒ වගේම හොසේ කියපු බොහොම වටින කතාවක් තමයි මේ පහලින් සඳහන් කරලා තියෙන්නෙ. හැමෝම මේ විදියට හිතනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද..? “මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා.

මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: