ජනාධිපති ලේකම් ඉල්ලා අස් වෙයි

June 30, 2017 | 7:42 pm    0   174

ජනාධිපති ලේකම් ඉල්ලා අස් වෙයි

ජනාධිපති ලේකම් පි.බි අබේකෝන් මහතා මිට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මේ වනවිට ඒ මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගතයුතු වයස ඉක්මවා ඇතත් ජනාධිපතිවරයා ඔහුට සේවා දිගුවක් ලබාදී තවදුරත් සේවය කිරීමට අවස්ථාව සලසා දී ඇත්තේ ඒ මහතාගේ පළපුරුද්දෙන් රටට සේවයක් සේවයක් සලසාදීමේ අරමුණෙනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අබේකෝන් මහතා මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම විමසා ඇතත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම වී ඇත්තේ තවත් ටික කලක් මෙම ධුරයේ කටයුතු කරන ලෙසයි.

මෙලෙස අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිරීමෙන් අනතුරුව අද (30) භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.

මේ අනුව පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් තනතුරට නව ලේකම්වරයෙකු හෙට (01) පත්කරනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: