ජවිපෙ විධායකයට එරෙහිව

May 4, 2017 | 1:00 pm    0   147

ජවිපෙ විධායකයට එරෙහිව

ජනාධිපතිවරයාට සිය ධුරයේ සිටීමට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉදිරියේදී සිය පක්ෂය ප්‍රමුඛ ජනතාව සමග ඒකරාශීව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරගලයට ආරම්භයක් ලබා දෙන බව පැවසීය.

සිය පක්ෂ මූලස්ථානයේදී ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමතිවරයා මෙසේද පැවසීය.

“ජවිපෙ රතු මැයි රැලිය ඉතාමත් සංවිධානාත්මක ඉතාමත් සටන්කාමී, විනය ගරුක මැයි දින රැළියක් බවට පත්කිරීමට අප සමත් වුණා. බීලා, බජව් දමමින් පාරේ යන ජනතාවට හිරිහැර කරමින් පෙළපාලි ගිය විකාරරූපී මැයි දින වෙනුවට ඉතා විනයගරුක සාර්ථක මැයි දිනයක් කරන්න අපි සමත් වුණා. අපි විශ්වාස කරනවා, මේ රට ගොඩනැගිය හැක්කේ එවැනි විනයගරුක සංවිධානාත්මක සටන්කාමී ව්‍යාපාරයකට පමණයි කියලා. දස දහස් ගණනක ජනතාවක් සංවිධානාත්මකව, විනයගරුකව මෙහෙයවමින් ජවිපෙ සංවිධානාත්මක ව්‍යාපාරයක් බව තහවුරු කර තිඛෙනවා.
මෙවර මැයි දිනය අරමුණු දෙකක් වෙනුවෙන් සංවිධානය කළා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව වැඩකරන ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් යන ගමනක් තිඛෙනවා. විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට උත්සාහ කරමින් තිඛෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් කොල්ලකෑමට ඉඩ දුන්නා. ඒ විතරක් නොවෙයි අර්ථසාධක අරමුදල්වලින් ලැඛෙන ලාභය මත බදු අය කරන්න උත්සාහ කරමින් තිඛෙනවා. ඒ ආකාරයට රාජ්‍ය පෞද්ගලික සේවකයන් පීඩාවට පත් කිරීමට එරෙහිව විරෝධය පල කිරීමක් ලෙස මෙම මැයි රැළිය සංවිධානය කළා. ඒ වගේම මේ වන විට ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කප්පාදු කොට තිඛෙනවා. කන්න තුනක් නියගයට මුහුණ දී ගොවි ජනතාව පීඩාවට පත්වෙලා තිඛෙනවා. රැකියා විරහිත තරුණයන්ගේ, අධ්‍යාපන කප්පාදුවට එරෙහි වන තරුණයන්ගේ විරෝධතාවය පල කිරීමට මේ මැයි රැළිය සංවිධානය කළා. ඒ වගේම එදිනෙදා ඉල්ලීම්වලින් ඔබ්බට ගිය වැඩකරන ජනතා බලයක්, වැඩකරන ජනතා පාලනයක් ගොඩනැගීමේ ඉලක්කයන් සහිතව මෙම මැයි දිනය සංවිධානය කළා.
මේ ආණ්ඩුව මැයි දින සැමරුමෙන් ජනතාවට ලබා දුන් සංඥාව තේරුම් ගත යුතුව තිඛෙනවා. මෙම සංඥාවෙන් ඇඟවෙන්නේ වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථීක ප්‍රතිපත්තිය හා දේශපාලන න්‍යාය පත්‍රය ජනතාව අනුමත නොකරන බවයි. මේ ආණ්ඩුවේ ආර්ථීක සැලැස්ම කුමක්ද? රනිල් වික්‍රමසිංහගේ මැයි දින වේදිකාවේදී පවා එළියට ආවේ අපේ රටේ ස්වභාවික සම්පත් විකිණීමේ අරමුණයි. වරාය, ඉඩම්, ඛනිජ සම්පත්, තෙල් සංස්ථාවේ ටැංකි, විදුලිබලාගාර, සහ අධිවේගී මාර්ග පවා විකිණීමේ සූදානමක් තිඛෙනවා. මේ තත්ත්වය තුළ අපේ මැයි දින සැමරුම ආණ්ඩුවේ මෙම විකිණීමේ න්‍යාය පත්‍රයට එරෙහි සටනක ආරම්භයක්. රනිල් ඇතුළු සහචර කණ්ඩායමට එරෙහිව සටන් ව්‍යාපාරයක් අපි දියත් කරනවා. මෙම පාලකයන් මුහුණ දෙන ආර්ථීක අර්බුදයේ තීව්‍රතාවය මත ඔවුන් අනිවාර්යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. මැයි දිනය ආසන්නයේ ඇමතිවරුන් සිදු කළ ප්‍රකාශවලිනුත් ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ගවලිනුත් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමයි.

2015 ජනවාරි 08 වැනිදා  රනිල්-මෛත්‍රී රට හමුවේ තැබූ ප්‍රධාන පොරොන්දුවක් වන්නේ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවයි. මෛත්‍රීපාල සිරිසේනගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදීත්, පාර්ලිමේන්තුවේ ප්‍රථම කථාවේදීත්, සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේදීත් සපථ කරමින් කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි. 19වෙනි ව්‍යාවස්ථා සංශෝධනය මගින් සිදු කළේ පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් ලබා ගනිමින් විධායක ජනාධිපති ක්‍රමයේ සිදු කළ හැකි සංශෝධන පමණයි. නමුත් ඔහුට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. එම නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ඒ නිසා අපි මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කොට තිඛෙනවා. ඒ වගේම ඉතා ඉක්මණින් ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු ලබා දුන් එකඟතාවයට මේ වන විට වසර දෙකක් ගත වී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබාගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිඛෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එකඟ කර ගත හැකි සියලූ පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කළ යුතුව තිඛෙනවා.” යයි ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: