ජවිපෙ විධායක ජනාධිපතිධුරය අහෝසි කරගැනීමේ සටනකට

May 4, 2017 | 12:00 pm    0   175

ජවිපෙ විධායක ජනාධිපතිධුරය අහෝසි කරගැනීමේ සටනකට

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති ‍පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මැයි දිනයේදී ජනතාව ලබාදුන් සංඥාව ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් වත්මන් ආණ්ඩුව ගෙනයන අපේ සම්පත් විකිණිමේ න්‍යාය පත්‍රය හකුලාගැනීමට කටයුතු කළ යුතු බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

බත්ත්රමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් එසේ කී මන්ත්‍රීවරයා රටේ සම්පත් විකිණිමට එරෙහිව ජනතාවගේ පැත්තේ සිටගෙන සටන් කිරිමට තමන් සූදානම් බවද හෙතෙම කිවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා
මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද රතු මැයි රැලිය මෑත කාලයේදී ජවිපෙ විසින් සංවිධානය කළ සාර්ථකම මැයි රැලිය ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර කම්කරු දිනයේ ඉතාමත් වැදගත්ම කාර්ය භාරයක් ඉටුකරන වැඩකරන ජනතාව වෙනුවෙන් විශාලතම පංගුවක් නියෝජනය කරන රාජ්‍ය, පෞද්ගලික, වතු වෘත්තීය සමිති ව්‍යාපාරයත් ගොවි ව්‍යාපාරයත්, ධීවර ව්‍යාපාරයත්, තරුණ ව්‍යාපාරයත් යන වැඩකරන ජනතාව නියෝජනය කරන විශාල පිරිසක් රතු මැයි රැලියට සහභාගි වුණා. ඒ වගේම ජවිපෙ රතු මැයි රැලිය ඉතාමත් සංවිධානාත්මක ඉතාමත් සටන්කාමී, විනය ගරුක මැයි දින රැලියක් බවට පත්කිරීමට අප සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: