ජාත්‍යන්තර නර්තනයට අපේ තාල මුසු වන නර්තනයේ නැවුම් පෙළහර

December 9, 2016 | 12:31 pm    0   679

ජාත්‍යන්තර නර්තනයට අපේ තාල මුසු වන නර්තනයේ නැවුම් පෙළහර

Nadro Chandana live in concert

හැමදාම on location කියවනකොට ඔයාල දන්නවා රූපවාහිනියේ හරි ගුවන්විදුලියේ හරි වේදිකාවේ හරි සජීවී අත්දැකිමක් ගැන රසවත් තොරතුරු ඔයාට කියනවා කියලා. සාමාන්‍යයෙන් රූපවාහිනියේ හරි ගුවන්විදුලියේ හරි සජීවි අත්දැකීම් විඳින්න කැමති ඔයා සජීවි නර්තන ප්‍රසංගයක රස මුසු අත්දැකීමක් විඳගන්නත් අකමැති නැතුව ඇති. ඒ නිසාම නර්තනයේ රස මිහර හොයන ඔයාට අද දවසේ දී අපූරු නර්තන ප්‍රසංගයක් ගැන කියන්නයි මේ යන්නේ.

ප්‍රසංගයේ නම Nadro Chandana live in concert. ඇත්තටම චන්දන වික්‍රමගේ කිව්වහම ඉතින් මේ දවස්වල ලංකාවේ නො දන්න කෙනෙක් නැති තරම්. මොකද ඔහු ලංකාවේ නම් දාරපු නර්තන ශිල්පියෙක් නිසා. ඒ වගේම නාද්‍රෝ කියන්නේ බෙර වාදන කලාවට අලුත් සංකල්පයක් ගෙනාපු ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා රඛිත. ඇත්තටම අපි මේ කියන්න යන නර්තන ප්‍රසංගය නාද්‍රෝ රඛිතයි ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමගේ මහතයි එකතුවෙලා කරන අපූරු වැඩක් කිව්වොත් හරි. මේ ප්‍රසංගය මෙවර පැවැත්වෙන්නේ 05 වෙනි වතාවට මීට කලින් මේ ප්‍රසංගය පැවැත්වුණේ නිර්මාණාත්මක හා සම්ප්‍රදායික නර්තන අංග ඇතුළත් කරලා. එහෙම වුණත් මෙවර ප්‍රසංගයේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක් ද කියලා දැන ගන්නත් එක්ක අපි ප්‍රසංගයේ නිර්මාතෘවරු දෙන්නගෙන් එක්කෙනෙක් වුණ චන්දන වික්‍රමගේ මහතාව කතාවකට එකතු කරගත්තා. චන්දන වික්‍රමගේ මහතා කිව්ව විදයට මෙවර මේ ප්‍රසංගය ජාත්‍යන්තරයටම ගෙන යන්න ඔවුන් උත්සහා කරනවා. ඒ නිසාම නිව්යෝර්ක් නගරයේ ඉතාම ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක් වුණ බැටරි Dance කණ්ඩායමට මෙවර ඔවුන් ආරාධනා කරලා තිබුණා. එහි ඉතාම දක්ෂ නර්තන ශිල්පියෙක් වුණ ජොනතන් හොලන්ඩ්ගේ නර්තන දායකත්වයෙන් තමයි මෙවර මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඒ නිසාම මෙය නර්තනයේ නැවුම්ම අත්දැකීමක් කිව්වොත් හරි. අනෙක් පසින් නර්තන අංග හා නර්තන සම්ප්‍රදායන් කීපයක්ම මෙවර ප්‍රසංගය තුළ දකින්න ලැබෙනවා කියලත් චන්දන වික්‍රමගේ මහත්මයා අපිත් එක්ක කිව්වා. මේ ප්‍රසංගයේ තවත් විශේෂයක් තියෙනවා. ඒ අපේ නාද්‍රෝ බෙර වාදනයට නිව්යෝර්ක් නර්තන කණ්ඩායමේ ජොනතන් හොලන්ඩ්ගේ සුවිශේෂි නර්තනයකුත් මෙවර පැවැත්වීම. ඒ වගේම බැටරි ඩාන්ස් නර්තන කණ්ඩායමේ හා චන්දන වික්‍රමගේ නර්තන කණ්ඩායම එක්ව කරන තවත් නර්තන අංගයකුත් තියෙනවා. මේ නර්තන අංගය කන්‍යා කියන නමින් තමයි චන්දන වික්‍රමගේ මහත්මයා හැඳින්වුයේ මේ නර්තන අංගය ඇතුළු නර්තන අංග 08ක් මෙවර ප්‍රසංගය තුළ ඇතුළත් වෙනවා කියලා චන්දන වික්‍රමගේ මහත්මයා ඇපල් අපිට කිව්වා. මේ අංග 08 පස්සේ ශ්‍රී ලාංකිකයන්ට බොහොම කාලෙකට පස්සේ විඳගන්න ලැබෙන අත්දැකීමකුත් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ජොනතන් හොලන් විසින් මුද්‍රා නාට්‍යක් එදාට රග දැක්වීම. ඇත්තටම මේක ශ්‍රී ලංකිකයන්ට බොහොම කාලෙකින් ලැබෙන අත්දැකීමක් කිව්වොත් හරි. මේ මුද්‍රා නාට්‍ය රාග් දුර්ගා නමින් තමයි හඳුන්වන්නේ. මේ ප්‍රසංගයට තවත් විශේෂ අංග කිහිපයක්ම එකතු කරන්න ප්‍රසංගයේ සංවිධායකවරු අමතක කරන්නේ නෑ. ලංකාවේ ප්‍රෞඪත්වය පෙන්වන සෙන්කඩගල රජමාලිගාව සම්පූර්ණයෙන් මේ ප්‍රසංගය තුළ ප්‍රතිනිර්මාණය කරනවා ඒක ප්‍රසංගයේ තියෙන විශේෂාංගවලින් එකක්. ඊට අමතරව චන්දන වික්‍රමගේ නර්තන කණ්ඩායමේ ප්‍රසිද්ධ නර්තන අංගයක් වුණ මොණර නැටුමත් මෙවර ප්‍රසංගයේ දි ඉදිරිපත් කරනවා. කොහාමහරි ඉතින් ඉතාම සාර්ථක නර්තන ප්‍රසංග පහකින් පස්සේ ජාත්‍යන්තර තලයේ නර්තන ශිල්පීන් එකතු කරගෙන කරන මේ ප්‍රසංගයට සියලු බර පැන සංවිධායකයන් විසින්ම දරනවා කියලයි චන්දන වික්‍රමගේ මහත්මයා කිව්වේ. මීට අමතරව ඇමරිකානු තානාපති කාර්යාලය මේ සදහා සහයෝගය ලබාදෙනවා කියලා චන්දන වික්‍රමගේ මහත්මයා කිව්වා. මේ ප්‍රසංගය එක පැත්තකින් සුභාවිත නර්තන කලාව රැක ගැනීමේ අරමුණින් පවත්වන එකක්. ඒ නිසාම මේ ප්‍රසංගයට දායක වෙන සෙසු කණ්ඩායම ගැන කතා නො කරොත් ඒක ලොකු අඩුවක්. ඒ නිසාම අපි චන්දන වික්‍රමගේ මහත්මයට කිව්වා ඒ අය ගැනත් කියන්න කියලා. ඒ අතරින් රඛිත ප්‍රමුඛ නාද්‍රෝ කණ්ඩායමේ සාමාජිකයන් 08 දෙනා ද, ජොනතන් හොලන්ඩ් ඇතුළු හය දෙනා ද, මෙහි ආලෝකකරණ අධ්‍යක්ෂ බැරී මෙන්ම වේදිකා පරිපාලන ශිල්පී  උපාලි ආරියසිරිත් මේ වෙලාවේ මතක් කළ යුතුයි. අනෙක් පැත්තෙන් මෙහර්ණීඡ් එක් අරමුණක් වෙන්නේ නර්තනය ලෝකෙටම පොදු දෙයක් කියලා පෙන්වීම. ඉතින් ඇපල් අපි තාරුණ්‍යය නියෝජනය කරන සුභාවිත නර්තන කලාවක අපූරු අත්දැකීම විඳගන්න කැමති ඔබ සියලුදෙනාට මතක් කරනවා දෙසැම්බර් මාසේ 12 වෙනිදා හවස 6.30 බිශෝප් විද්‍යාල ශ්‍රවණාගාරයට යන්න කියලා. මොකද මේ වගේ මනරම් අත්දැකීමක් ඔබට නැවත විඳගන්න නො ලැබෙන නිසා. ඒත් එක්කම චන්දන වික්‍රමගේ මහත්මයට සහ රඛිත ප්‍රමුඛ නාද්‍රෝ කණ්ඩායමට මේ ප්‍රසංගය සාර්ථක කරගන්න ඇපල් අපි සුබ පතන ගමන් අදට on location තුළින් සමුගන්නේ ආයෙත් දවසක යෞවනයේ හදවත ස්පර්ශ කරවන මේ වගේම සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබන සතියෙත් අරගෙන එනවා කියන පොරොන්දුව පිට.

 

 

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: