ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය දකුණේ ක්‍රීඩකයන් වර්ජනය කරයි

September 22, 2017 | 5:52 pm    0   219

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය දකුණේ ක්‍රීඩකයන් වර්ජනය කරයි

දකුණු පළාත් හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පෑමක් ලෙස සත්කාරක දකුණු පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලිය වර්ජනය කර ඇති බව වාර්තා විය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී  (22) පස්වරුවේ පැවැත්වුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රධාන අරාධිතයා ලෙස එක් වූ අගමැතිවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කටයුතු ආරම්භවූ අතර, පසුව පළාත් ධජ පෙරටු කර ගනිමින් මෙවර 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට එක්වන සියලූ පළාත් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක පෙළට මාතර කොටවිල ක්‍රීඩාංගනය වටා ගමන් කරනු ලැබිය.

ක්‍රීඩා උළෙලේ පහණ දැල්වීම සිදු කෙරුණේ දකුණු පළාතෙන් බිහි වූ දක්ෂ දුර පැනීමේ ශූරයෙකු වන සුජිත් රෝහිත සහ කළක් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියූ ධම්මිකා මැණිකේ විසිනි.

අනතුරුව ක්‍රීඩක ප‍්‍රතිඥාව ලබාදුන්නේ  දකුණු පළාත් ක්‍රීඩිකා එරංගා රසිකා දුලක්ෂි විසිනි. අගමැතිවරයා උත්සව සභාව ඇමැතීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර උත්සව සභාව අමතනු ලැබිය.

විවිධ සංස්කෘතික අංගවලින් හැඩ වී තිබූ සමාරම්භක උත්සවයට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ මාතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසු සිසුවියන්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: