ජාතිවාදීන්ට ආගම්වාදීන්ට පොලිසිය මගින් දඩුවම් දෙන්න කැබිනෙට්ටුව කැමති වෙයි

June 15, 2017 | 12:19 pm    0   147

ජාතිවාදීන්ට ආගම්වාදීන්ට පොලිසිය මගින් දඩුවම් දෙන්න කැබිනෙට්ටුව කැමති වෙයි

By Editor

කිසියම් ආගමික හෝ ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව කවුරුන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් යුතුව ක්‍රියා කරන්නේ නම් එම් පිරිසට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එවන් වැරදි සිදුකරන්නන්ට එරෙහිව දඩුවම් පැමිණවීමට පවතින නීති රීති ප්‍රමාණවත් නොවන්නේ නම් අලුතින් නීති සකස් කරන්නේ යයිද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවති මධ්‍ය හමුවකදීය.

තමා සිංහල බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර වන බවත්, එලෙසම අනිකුත් ජාතීන්ද තමන්ගේ ආගම සහ ජාතිය ගැන ආඩම්බර වන බවත් කී එතුමා සියලු ආගමිකයන්ට සහ සියලු ජාතිකයන්ට සාමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවද අවධාරණය කළේය.

2014 වසරේදී ඇතිවූ ආගම් භේද කෝලාහලය නිසා රටේ කීර්තිනාමයට හානියක් සිදුවූ අතර එය ජාතින් අතර සන්හිදියාවට අහිතකර ලෙස බලපෑ බවද ඔහු සඳහන් කළේය. රටේ යලි එවන් සිදුවීම් සිදුවීමට තමා අගමැතිවරයා වශයෙන් ඉඩ නොතබන බවද සදහන් කළේය.

පසුගිය දිනවල එවන් සිදුවීම් කිහිපයක්ම වාර්තාවූ බවත් එම ක්‍රියාවලට සම්බන්ධ වුවන්ට නිතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස තමා උපදෙස් ලබාදුන් බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: