“ජාති ආගම්වාදී ගැටුම් නවත්වන්න හමුදාවට භාර දෙනවා” – ජනපති

June 8, 2017 | 12:40 pm    0   185

“ජාති ආගම්වාදී ගැටුම් නවත්වන්න හමුදාවට භාර දෙනවා” – ජනපති

By Editor

ආණ්ඩුව අපහසුතාවයට පත්වන අයුරින් මුස්ලිම් වෙළෙඳසැල් වලට දිගින් දිගටම සැලසුම් සහගත් අයුරින් එල්ලවන ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට පොලිසියට හැකියාවක් නොමැති නම් ඒ සඳහා හමුදාව යොදා ගන්න බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (07) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මතුකළ පැනයකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, රිෂාඩ් බදුයුදීන් සහ හර්ෂද ද සිල්වා යන මැති ඇමතිවරුන් මේ පිළිබඳව සිය අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ.

තමාගේ මැතිවරණ බල ප්‍රදේශයේදී ඉකුත් දින දෙක තුල එවන් සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා පියවරක් ගන්න ලෙස ද හර්ෂ ද සිල්වා ඇමතිවරයා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: