ජැක්සන්ගේ මරණය සැලසුම් සහගත ඝාතනයක්ලු

January 25, 2017 | 12:10 pm    0   496

ජැක්සන්ගේ මරණය සැලසුම් සහගත ඝාතනයක්ලු

සුපිරි තරුවක් වූ තම පියා සැලසුම් සහගත ලෙස මරා දැමූ බව රෝලින්ග් ස්ටෝන් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මයිකල් ජැක්සන්ගේ දියණිය වන 18 හැවිරිදි පැරිස් ජැක්සන් අනාවරණයක් සිදුකරයි.

එවැනි සැලසුම් සහගත මරණයක් සිදුවූ බව තමා තරයේ විශ්වාස කරන බව පවසන පැරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ තම සමීප ඥාතීන් මෙන්ම, සමීප සහෘදයන් ඒ පිළිබඳ හොඳින්ම දන්නා බවයි.

2009 වසරේදී ඖෂධ අධි මාත්‍රාවක් ලබාගැනීම හේතුවෙන් හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මයිකල් ජැක්සක් මෙළොවින් සමුගත් බව පැවසුණු අතර, එවකට පැරිස්ගේ වයස අවුරුදු 11ක් විණි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් මයිකල්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කෝනාඩ් මරේ පිළිබඳව සැක මතුවෙමින්, ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද දියත් වූ අතර, පසුව වසර හතරක සිර දඬුවමක්ද මරේ වෙත උරුම විය.

පියාගේ මරණය සැලසුම් සහගතව සිදුවූ බවට අනාවරණය කරන පැරිස් විසින් වෛද්‍ය මරේ වෙත ඇඟිල්ල දිගු කළද, ඇය පවසන්නේ ඊට වඩා එහාගිය සිදුවීමක් මේ පසුපස පවතින බවයි. ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවද ඇය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: