ඥාණසාර හිමිගේ පෙත්සම ඉල්ලා අස්කරගනී

June 22, 2017 | 12:09 pm    0   299

ඥාණසාර හිමිගේ පෙත්සම ඉල්ලා අස්කරගනී

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ඉවත්කරගෙන ඇත.

ඒ අද (22) එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය. එහිදී ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ නීතීඥවරයා එම පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව එම විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දී ඇත.

පසුගිය 13 වැනි දින ඥාණසාර හිමි විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ තමන්ට එරෙහිව තිබෙන විමර්ශන අවසන් වනතුරු සහ නීතිපති උපදෙස් ලැබෙන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වලක්වන ලෙසය.

ඊයේ (21) එම හිමියන් අධිකරණයට ඉදිරිපත් වූ අතර, එහෙදි උන්වහන්සේට නඩු තුනකට අදාලව ඇප නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: