ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් වෙයි..

June 21, 2017 | 11:31 am    0   181

ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් වෙයි..

By Editor

බොදු සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද (21) උදැසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් වී තිබේ.
විමර්ශනයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබීම නිසා තමන් වහන්සේගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතියි ඥාණසාර හිමි පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබිණි. එම නඩුව අද (21) විභාගයට ගන්නා බැවින් උන්වහන්සේ මෙසේ අධිකරණය ඉදිරිපත් වී ඇත.

අන්තවාදී සංවිධානයකින් එල්ලවී ඇති මරණ තර්ජන හේතුවෙන් උන්වහන්සේ සති කිහිපයක කාලයක් රහසිගත ස්ථානයක සැගවී සිටි බව සිහල රාවය සංවිධානයේ මහලේකම් මගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ (20) රාජගිරියේ පිහිටි බොදු බල සේනා කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවකදී පැවසිය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ අදාළ බලධාරීන් විසින් ජීවිතාරක්ෂාව පිලිබඳ සහතිකයක් ලබාදෙන්නේ නම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද (21) අධිකරණයට ඉදිරිපත්වනු ඇති බවයි. තවද උන්වහන්සේට එල්ලවී ඇති මරණ තර්ජන පිලිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.

ඥාණසාර හිමිට විරුද්ධව ඇති පෙත්සමක් විභාග කිරීමට උන්වහන්සේ මිට පෙර අවස්ථා කිහිපයකදීම අධිකරණයට ඉදිරිපත් වී නොතිබිණි. එමනිසා මේ වනවිට අධිකරණය විසින් උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: