ඥානසාර හිමිව රකින්නේ ඇමති පාඨලී

June 13, 2017 | 5:41 pm    0   115

ඥානසාර හිමිව රකින්නේ ඇමති පාඨලී

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට රැකවරණය ලබාදෙමින් සගවා තබාගෙන සිටින්නේ ඇමති පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට රැකවරණය ලබා දෙන්නේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක් බව මාධ්‍ය මගින් කොතෙක් වාර්තා පල වුවද කිසිවෙකුත් එම ඇමතිවරයා කවුරුන්ද යන්න රටට හෙළිදරව් නොකළ බවත්, ඔහු වෙනකෙකු නොව ඇමති පාඨලී චම්පික රණවක මහතා බව තම සදහන් කරන බව තිස්ස විතාරණ මහතා ඊයේ (12) ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කර තිබු මධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනාව අතර අතීතයේ සිටම ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවති බවද ,2004 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතික හෙළ උරුමයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බවද, වත්මන් හෙළ උරුමයේ සභාපති විමලසාර හිමියන් ද මිට පෙර බොදු බල සේනාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල බවද ඔහු පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: