ට්‍රම්ප්ගේ දුප්පත් කම වේගයෙන් ඉහල යයි

March 24, 2017 | 11:30 am    0   419

ට්‍රම්ප්ගේ දුප්පත් කම වේගයෙන් ඉහල යයි

‘ෆෝබ්ස්’ සඟරාවේ වාර්තාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවෙන් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇත. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස එම සඟරාව වාර්තා කරයි.

ජයග්‍රාහීව සිව්වැනි වතාවටත් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසත් ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 86ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ‘ෆෝබ්ස්’ සඟරාව සඳහන් කරයි.

දෙවැනි ස්ථානය ආයෝජක වොරන් විසිනුත් තෙවැනි ස්ථානය ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් විසිනුත් හිමි කරගනු ලැබ ඇති බව එම සඟරාව සඳහන් කරයි.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පස් වැනි ස්ථානයට පත්ව සිටියි. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව දැනට සිටින බිලියනපතියන්ගේ සංඛ්‍යාව 2,043කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: