ට්‍රම්ප් අඩියක් පස්සට ගත්තාවත් ද?

May 3, 2017 | 2:30 pm    0   215

ට්‍රම්ප් අඩියක් පස්සට ගත්තාවත් ද?

උතුරු කොරියානු නායකයා හමුවීම සුදුසු ආකාරයට සිදු වන්නේ නම් නිසැකවම ඔහු හමු වීමට තමන් සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි. එවන් අවස්ථාවක් ලබෙන්නේ නම් එය තමාට ගෞරවයක් බව ද ඔහු පැවසීය. ඔහු මේ බව  ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබියදී ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ එවන් හමුවක් සිදු වන්නේ නම් ඊට පෙර උතුරු කොරියානු නායකයාට බොහෝ කොන්දේසිවලට එකඟ වීමට සිදු වන බවයි. එහෙත් උතුරු කොරියාව අනතුරු හඟවන්නේ තමන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙර තමන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන බවයි.

න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නවතන ලෙස ඇමෙරිකාව ඇතුළු රටවල් උතුරු කොරියාවට බලපෑම් කළ ද ගෙවී ගිය තිස් වැනිදාත් උතුරු කොරියාව විසින් තවත් මිසයිලයක් අත්හදා බලනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: