ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට එක්දින සහ 20-20 නායකත්වය උපුල් තරංගට

July 12, 2017 | 11:39 am    0   195

ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට එක්දින සහ 20-20 නායකත්වය උපුල් තරංගට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත් කර ඇති අතර, එක්දින සහ 20-20 නායකත්වය උපුල් තරංගට ලබාදී ඇත. අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  පැවති පුවත්පත් සාකච්චාවකදී මේ බව අනාවරණය කෙරිණි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු නව නායකයන් ලෙස චන්දිමාල් සහ තරංග තෝරා පත්කරගෙන ඇත.

චන්දිමාල් වසර කිහිපයක්ම අනජලෝගේ නායකත්වය යටතේ උපනායකයෙකු ලෙස වරින් වර කටයුතු කර ඇති අතර, ඔහු විස්සයි විස්ස නායකයා ලෙස ද කලක් කටයුතු කළේය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් හොඳම පිතිකරණ සාමාන්‍ය රඳවාගෙන සිටින්නේ ද දිනේෂ් චන්දිමාල්ය.

කෙසේ වෙතත් අවසන් වරට පැවතී සිම්බාබ්වේ සංචාරයෙන් ඔහුව  ඉවත්කර තිබුණි. මිට පෙර ඇන්ජලෝ මැතිව්ස් නොමැති අවස්ථාවන් වලදී වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ උපුල් තරංග ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ අතර එහිදී නායකයෙකු වශයෙන් ඔහු ඉහල දස්කම් දැක්වීමට ද සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: