ඩ්‍රෝන කැමරා නීති කියලා දෙන්න හදයි

January 25, 2017 | 2:59 pm    0   461

ඩ්‍රෝන කැමරා නීති කියලා දෙන්න හදයි

ඩ්‍රෝන කැමරා භාවිතයට අදාළ නීති රීති සහ ආචාරධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබේ.

මාධ්‍යවේදීන් හා ඩ්‍රෝන කැමරා භාවිත කරන සෙසු තැනැත්තන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධාන කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලබන 31 වැනිදා මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතය.

කැමරාවක් සහිත ඩ්‍රෝන යානයක් රුවන්වැලි සෑයේ ගැටීමෙන් ඉකුත් දා අනතුරක් සිදු වු අතර ඩ්‍රෝන කැමරා භාවිතයට අදාළ නීතිරීති හා ආචාරධර්ම සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇති වූයේ ඉන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: