ඩීලී හා තිසර පකිස්තානයේ ලීගයකට සෙට් වෙයි

පාකිස්තාන සුපර් ලීග විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබේ.

තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනිම හේතුවෙන් ඩිල්ෂාන්ට හා තිසරට අවස්ථාව ලැබි තිබේ.

ඒ අනුව පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත්තේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවටය.

කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තිසර පෙරේරා එක්කර ගැනීමට ඔවුන් තිරණය කර ඇත්තේ කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවටය.

පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − sixteen =