ඩෙංගු කීටයෝ නිසා සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිට රතු එළි

May 16, 2017 | 11:00 am    0   140

ඩෙංගු කීටයෝ නිසා සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිට රතු එළි

සපුගස්කන්ද පොලිස් පරිශ්‍රයේ ස්ථාන 38කින් ඩෙංගු කීටයන් සොයා ගැනීමත් සමඟ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට රතු නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය නිලධාරීහූ ඊයේ (15) පියවර ගනු ලැබූහ.
මේ පරිශ්‍රයේ පදිංචි පොලිස් අධිකාරිවරයකුගේ බිරියකට හා පොලිස් අධිකාරිවරියකගේ දරුවකු ඩෙංගු රෝගයට ගොදුරව ප්‍රතිකාර ලබමින් සිටින බව ද අනාවරණය වී ඇත.
ඊයේ(15) පැවැති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කමිටු නිලධාරීන්ගේ හමුවක දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ‘දිනමිණ’ට පැවැසීය.
මෙම පරිශ්‍රයේ අපිරිසිදුභාවය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට රතු නිවේදන නිකුත් කර ඇති අතර, දින තුනක් ඇතුළත පිරිසිදු නොකළහොත් නඩු පවරන බව සෞඛ්‍ය බලධාරීන් පොලීසියට දැනුම් දී තිබේ.
සපුගස්කන්ද පොලිස් භූමියේ විවිධ නඩු භාණ්ඩ ගොඩගසා ඇති අතර, යතුරු පැදි , ටයර් සහ තවත් වාහන විශාල සංඛ්‍යාවක වැසි වතුර රැඳී ඒවායේ ඩෙංගු කීටයන් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: