ඩෙංගු ගැන ජනපතිට කියමු

May 18, 2017 | 9:00 am    0   199

ඩෙංගු ගැන ජනපතිට කියමු

ඩෙංගු උවදුර ජාතික ව්‍යවසනයක්ව ඇති මේ මොහොතේ ඩෙංගු මර්ධනය සඳහා බලධාරීන් උනන්දු කිරීමට අපට පුලුවන් කුඩා දෙයක් හෝ කරමු.
කරුණාකර පහත උදෘතයන් තුල ඇති ඡේදය, දී ඇති “ජනපතිට කියන්න” ජනාධිපති නිල වෙබ් අඩවියේ ලින්කුව ක්ලික් කිරීමෙන් ලැබෙන පොරමයෙ පුරවා .ඔබගෙ නම .ඊමේලය හා දුරකථන අංකය සටහන් කර Proceed බටනය ක්ලික් කර යොමු කරන්න

http://tell.president.gov.lk/grievance/showAddGrievance.mvc

මෙය Share නොකර හැකි තාක් දුරට ඔබේ වෝලයෙ copy paste කොට අන් අයගේ ඇස ගැටීමට සලස්වා ඔවුන්වත් මෙයට යොමු කරන්න
කුඩා දෙයින් ලොකු වෙනසක් කරමු.
—————————————————————————
“අතිගරු ජනාධිපති තුමනි,

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉතිහාසයේ කවර කළකවත් නොවූ විරූ තරම් විශාල ඩෙංගු වසංගත තත්වයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරමි. හැකි ඉක්මණින් රජය මැදිහත්ව මේ සඳහා විශේෂඥයන් විසින් නිර්දේශිත තාක්ෂණික සහ ජෛව-රසායනික ක්‍රමවේදයන් අනුගමනය කර, මෙම වසංගත තත්වය මර්ධනයට පියවර නොගන්නේ නම්, මෙය විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්වීමේ අවදානමක් ඇත. ජනගහණයට සාපේක්ෂව වසංගතයක ව්‍යාප්තියේ වාර්ථාවක් අබියස අප සිටින්නෙමු. එබැවින් මේ පිළිබඳව ඔබතුමාගේ ක්ෂණික අවධානය යොමුවී, කඩිනම් පියවර රැසකට අවශ්‍ය නියෝග සහ උපදෙස් අදාළ ආයතන වෙත ලබාදෙනු ඇතැයි අප පුරවැසියන් ලෙස උදක්ම බලාපොරොත්තු වන්නෙමු.”

http://tell.president.gov.lk/grievance/showAddGrievance.mvc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: