ඩෙංගු නොවන, ඩෙංගු හා සමාන වෛරස් උණක් දිවයින පුරා පැතිර යයි.

March 31, 2017 | 3:00 pm    0   390

ඩෙංගු නොවන, ඩෙංගු හා සමාන වෛරස් උණක් දිවයින පුරා පැතිර යයි.

ඩෙංගු, ඩෙංගු හා සමාන උණ, හා ඉන්ෆ්ලුවන්සාව වැනි වෛරස් රෝගයන් මේ දිනවල දිවයින පුරා පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. උණ, ඇගපත වේදනාව, කිවිසුම් යාම, සොටුදියර ගැලීම, හිසරදය වැනි රෝග ලක්ෂණ මෙම වෛරස් රෝග තුනටම ‍පොදු ලක්ෂණයන් බව වෛද්‍ය දීපාල් මහතා පෙන්වාදේ.

රුධිර පරීක්ෂා කිරීමේදී පවා රුධිර පට්ටිකාවල අඩුවක් දක්නට ලැබෙන නමුත් ඇතැම් අවස්ථාවන්වලදී එය ඩෙංගු නොවන වෛරස් උණ රෝගය විය හැකි බවද හෙතෙම පෙන්වාදේ. කිවිසුම් යාමේදී ‍ලේන්සුවක් භාවිතා කරමින් හෝ අතේ වැළමිටෙන් මුඛය හා නාසය ආවරණය කර ගැනීමෙන් තවත් පුද්ගලයෙකුට ඉන්ෆලුවන්සා විෂ බිජ පැතිර නොයන බව වෛද්‍ය දීපාල් මහතා සඳහන් කරයි. උණ රෝගය වැළඳීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇඳ විවේකය ලබා ගැනීම ඉතාමත් වැදගත් බවත් රෝගීන් දරුවන් පාසල් නොයවා තබා ගැනීම වඩාත් යෝග්‍ය බවද විශේෂඥවරයා අවධාරණය කරයි.

ශ්‍රියානි විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: