ඩෙංගු විරෝධී සටන අදින් ඇරඹේ

July 12, 2017 | 11:17 am    0   182

ඩෙංගු විරෝධී සටන අදින් ඇරඹේ

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ඩෙංගු වසංගතය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවලක් අද (12) සිට ආරම්භ විය. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියලුම විද්‍යුත් හ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ සියලුම ජංගම දුරකථන සමාගම් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ද මෙම වැඩපිළිවලට එක්ව තිබේ.

ඩෙංගු වසංගතය තුරන් කිරීම පිලිබඳ පණිවුඩය අද (12) සියලුම රූපවහනි හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ පෙ.ව.9.00 සිට 11.00 දක්වා විකාශය කෙරිණි.

මෙම වැඩසටහනේ මීළඟ අදියර ජුලි 15 වැනි දින පෙ.ව. 10.00 සිට 12.00 දක්වා විකාශනය කිරීමට ද නියමිතය.

එම වෙලාව තුල සියලුම දෙනාම තම නිවාස හ අවට පරිසරය පිරිසිකිරීමට එකතු වන ලෙස ද ඉල්ලීමක් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: