තනි දුම්වැටියක් අලෙවි කිරීම තහනම්

March 20, 2017 | 11:00 am    0   277

තනි දුම්වැටියක් අලෙවි කිරීම තහනම්

තනි දුම්වැටියක් අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අද(20) අත්සන් තබන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය සායනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් රජය පසුගිය වසර දෙක තුළ ගත් තීරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වත්මන් රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට මෙරට දුම්පානය සියයට 47කින් පමණ අඩු වී ඇති බව පවැසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා
දුම්පානය හේතුවෙන් රෝගී තත්ත්වයට පත් වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 72ක මුදලක් වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: