තරංගගේ උත්සාහය වතුරේ යයි

February 8, 2017 | 10:01 am    0   381

තරංගගේ උත්සාහය වතුරේ යයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 05ක් දැවී ලකුණූ 367ක් ලබා ගත්තේය.

එහිදී ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු වශයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පන්දුවාර 16කදී පළමු කඩුල්ල සඳහා ලකුණු 139ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණි.

එහෙත් පන්දුවාර 48යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 327ක් පමණි.

නායක උපුල් තංරග සිය 14වැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 90කදී ලකුණු 119ක් ලබා ගත් අතර ඊට 06 පහර 07ක් සහ 04 පහර 11ක් ඇතුළත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: