තරගාවලියේ ජය සිංහයන්ටයි

January 26, 2017 | 9:30 am    0   437

තරගාවලියේ ජය සිංහයන්ටයි

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි – 20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නිව්ලෑන්ඩ්ස් පිිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් ලබාදුන්නේය.

එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

නිරෝෂන් දික්වැල්ල තරගය ශ්‍රි ලංකාව දෙසට රැගෙන ආ අතර සික්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි20 තරගාවලියක් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: