තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දුෂණය කරයි..

තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දුෂණය කල බවට අරුම පුදුම පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි. ඔහු තමාගේ පුද්ගලික ගමනක් යාමට එරට තිබෙන මගින් ප්‍රවාහනය කරන කුලී රථයක ගමන් කරමින් සිට ඇත. ඒ අතරතුර දී කිසියම් අයෙකු විසින් සිහිසුන් කරවන බෙහෙතක් එන්නත් කර එම තරුණයා සිහිසුන් කර ඇත.

මෙම තරුණයා පියවි සිහියට එළඹෙන විට තරුණියන් තිදෙනෙකු සමග කමරයක තබාගෙන සිට ඇති අතර, දින තුනක් තිස්සේ එම තරුණියන් විසින් වරින් වර ඔහුව දුෂණයට ලක්කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද එම තරුණියන් විසින් ඔහුට කිසිදු ආහාරයක් ලබා නොදී ඇති අතර ශක්ති ජනක පැනයන් පමණක් ලබා දී ඇත. පසුව එම තරුණියන් විසින් මෙම තරුණයාව පාලු ප්‍රදේශයකට රැගෙනවිත් දමා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

එරට පොලිසිය මේ වනවිටත් එම තරුණියන් සොයා මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =