තල්මසුන් දඩයමට ඔස්ට්‍රේලියාව කිපෙයි

ඇන්ටාර්ක්ටිකාවට ඔබ්බෙන් මුහුදේදී ජපාන නෞකා විසින් සිදුකරන තල්මසුන් දඩයම ඔස්ට්‍රේලියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

‘සී ෂෙපර්ඩ්’ යනුවෙන් හැඳින්වෙන තල්මස් දඩයමට විරුද්ධ කණ්ඩායමක් විසින් මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීය.

එම ඡායාරූප අතර ජපාන යාත්‍රාවක් තුළ මියගිය දුර්ලභ තල්මසෙකුගේ සිරුරක්ද දැකගත හැකිවෙයි.

ඔස්ට්‍රේලියාව සමග ආරක්ෂක සබඳතා තරකර ගැනීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිඩ්නි වෙත පැමිණ දින දෙකකට පසුව මෙය සිදුවීමද විශේෂත්වයකි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + six =